Spread the love

ඉඩම් ගනුදෙනුවකට අදාළව ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට වරදකරුවු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට වසර 5කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇති අතර රුපියල් මිලියන 25ක දඩ මුදලක් ගෙවන ලෙසදකොළඹ මහාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබාසිටි අමාත්‍යවරයාගේ බිරිඳ වන මොරින් රණතුංග සහ තවත් අයෙක් නිදොස් කොට නිදහස් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියම කර තිබෙනවා.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය අනුමැතියදීමට සහ එහි සිටින අනවසර පදිංචිකරුවන් ඉවත්කර දීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණා.