Spread the love

අමෙරිකාවේ USAID සංවිධානය හරහා ශ‍්‍රී ලංකාවට වසර 05 ක කාලයක් සඳහා අතිරේක ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 65 ක ආධාර ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර්ගේ ශ‍්‍රී ලංකා සංචාරයේ දී වූ එකගතාවන් වලට අනුව මෙම ආධාර මුදල ශ්‍රී ලංකාවට ලබා දෙයි.

එය ශ‍්‍රී ලංකා රුපියල් බිලියන 25 කට අධිකය.මෙම ආධාර හිමිවන්නේ ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන අර්බුද වලට සහය වීම සඳහාය.1956 වර්ෂයේ සිට අමෙරිකාව විසින් විවිධ අවස්ථා වලදී ශ‍්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලෙස ඩොලර් බිලියන දෙකකට අධික මූල්‍යමය ආධාර ලබා දී තිබේ.

එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 720 ක ප‍්‍රමාණයක් බව අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.