Spread the love

හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ සන්වැලි වතුයාය ප්‍රදේශයේ දිය ඇල්ලක් අසළ ඡායාරූප ගනිමින් සිටි තරුණයෙකු පය ලිස්සා ඇල්ලට වැටීමෙන් මියගොස් ඇතිබව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.

අනතුර සිදුවූ ස්ථානයට මීටර් 200 පහළින් තිබි මෘත ශරීරය හමුව තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක්වූ ගුරුතලාව වැලමිටියාව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සදහා මෘත ශරීරය දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 

ඇල්ල නැරඹීම සදහා මියගිය තරුණයා සමඟ තවත් තරුණයෙකු ගොස් ඇතිබව පොලිසිය පවසයි.

හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.