Spread the love

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සංචාරකයින් වෙනුවෙන් ධාවනය කෙරෙන ඇල්ල ඕඩීසී දුම්රිය තවත් ගමන් වාරයක් මේ මස 8 වැනිදා සිට එක් කර ඇතැයි දුම්රිය ස්ථානාපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ලබන 08 වනදා සිට එම දුම්රිය සෑම බ්‍රහස්පතින්දා දිනකම අලුයම 05. 30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙයි. සිකුරාදා දින එම දුම්රිය බදුල්ලෙන් පෙරවරු 09 . 50 ට කොළඹ කොටුව බලා යලි ගමන් අරඹයි.

පෙර පරිදිම සති අන්තයේද එම දුම්රිය ධාවනය කරන බව දුම්රිය ස්ථානාපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.