Spread the love

නිමල් රාජපක්ෂ-

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතව සිටින ලක්ෂ 13 ක් වූ ශිල්පීන් රැක ගැනීම සිය අමාත්‍යාංශයේ වගකීම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා පවසයි.
කොවිඩ් සහ ආර්ථික අර්බුදය හමුවේ කඩාවැටුණු මෙරට ඉදිකිරීම් කර්මාන්තය නැවත ඉහළට ගැනීම සදහා සිය අමාත්‍යාංශය

මේ වනවිටත් සැලසුම් සකස්කර අවසන් බවද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිපුණ ඉදිකිරීම් ශිල්පී හැදුනුම්පත ලබා දීම සදහා ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමද සිදු කරන බවද ඔහු සදහන් කලේය.
මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබා දිය යුතුවෙයි.

ගාල්ල , වක්වැල්ලේ පිහිටි දකුණු පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේදී අද (4) පැවති කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ගේ ඉදිකිරීම් ආරවුල් විසදීමේ ගාලු දිස්ත්‍රික් උපදේශන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA), ජාතික ඉදිකිරීම් සංගමය සහ ඉන්සි සිමෙන්ති සමාගම එක්ව මෙම උපදේශන සේවාව සංවිධානය කරනු ලබයි.

දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් මුහුණ පා ඇති ගැටළුවලට විසඳුම් ලබාදී ඔවුන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියාමකයා ලෙස, 2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය කටයුතු කරනු ලබයි.