Spread the love

ඉන්ධන අර්බුදය හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාරවල කටයුතුවලට බාධා පැමිණ ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.

ඒ අනුව මේවනවිට සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද වසා දමා ඇති බව පැවසීය.මතුව ඇති ඉන්ධන අර්බුදයත් සමඟ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව සදහන් කළේය.

මේ අතර ඊයේ (06)රාත්‍රි 07.15 සිට දිවයිනේ ප්‍රදේශ රැසකට අවස්ථා කිහිපයකදි විදුලි බිද වැටීම් සිදුවූ බව විදුලි බල මණ්ඩලය පවසයි. කැලණි තිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයේ සිදුවූ බිද වැටීමක් ඊට හේතුවී තිබේ.

එය මේවනවිට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කර තිබේ.මේ අතර කාර්යබහුල වේලාවන් හිදී විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් පසුගිය දිනවල ද රාත්‍රී කාලයේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදු වූ බවට වාර්තාවේ.