Spread the love

ඉදිරි දින කිහිපය තුළ විදුලි බල වැඩි කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ඉදිරියේදී විදුලි බිල වැඩිවන ආකාරය තීරණය කරන අතර, ඉන් පසු විදුලිබල වැඩිවන ආකාරය සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දෙන බවත්, ඒකක 30 ත් 60 ත් අතර භාවිතා කරන අඩු ආදායම්ලාභී පාරිභෝගිකයන්ට විදුලි බිලෙහි විශාල වෙනස්කමක් සිදු නොවන බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.

ගල් ඇඟුරු මිල, ඉන්ධන මිල හා ඩොලරයෙහි අගය වෙනස්වීම මත විදුලිබල මණ්ඩලය විශාල පාඩුවක් ලබන බවත් එය තවදුරටත් දරා ගැනීමේ හැකියාවක් නොමැති බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. .