Spread the love

පසුගිය වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කර බැවින් මෙවර අවුරුදු සමයේ සියලු දෙනා සැලකිලිමත් විය යුතු බව  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

අවුරුදු සමයේ හැකිතාක් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න .මහජනයා වැඩියෙන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වැලකී සිටින්න .කොරෝනා වැඩි විමේ අවධානමක් ඇති බැවින් තුන්වන මාත්‍රාව ලබා ගැනීමට හැකිතාක් දුරට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් පැවසුවේය.