Spread the love

දිවයෙිනේ හෙට අනිද්දා ඉන් අනිද්දා (07,08,09) දිනවල වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයින ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් මේ බව අපේක්ෂා කරන බවය.

ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

පසුගිය සතියේ අකුණු අනතුරු 2 ක් සිදුවුණා. බදුල්ල ගාල්ල නෙලුව යටිනුවර හාරිස්පත්තුව මහනුවර කෑගල්ල හා මාතර රත්තොට යන ප්‍රදේශවලට ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසද දන්වා සිටී.මීට අමතරව ධීවර නාවික ප්‍රජාව ඉතාමත් අවධානයෙන් කටයුුතු කරන්න