Spread the love

වැසි සමඟ ගිංගඟේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් අද(03) පෙරවරු 08.00 ආරම්භ වූ පැය 24 තුළ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 සුළු ගංවතුර අවධානමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

 ඒ අනුව වැලිවිටිය-දිවිතුර, බද්දේගම,කොටපොල,හික්කඩුව, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.
ඒ පිළිබඳ ජනතාව අවධානයෙන් පසුවිය යුතුබව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.