පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනට නොපවත්වා යලිත් එම මැතිවරණය අප්‍රේල් මස පවත්වන බවට මැතිවරණ කොමිසම ප්‍රකාශ කලද පළාත් පාලන මැතිවරණය පවත්වන බවට තම සන්ධානය තුල කිසිදු විශ්වාසයක් නොමැති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.
පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ , කම්කරු ජාතික සංගමයේ කාන්තා දින උත්සවය දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින උත්සවය අමතමින් පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය.
වත්මන් රජය ඉදිරියේදි කුමන මැතිවරණයක් පැවැත්වුවද එම සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරනු ලබන්නේ සමගි ජන බලවේගය බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
රටේ කාන්තාවන්ගෙන් වැඩියෙන්ම දුක් විදින කාන්තාවන් වතුකරයේ සිටින බවත්, වතු කම්කරුවන්ගේ දු දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දි ඔහුන් වෙනත් රැකියා වල නිරත කිරිමට වතුකරයේ වැඩ කරන කාන්තාවන් මේ වන විට පියවර ගෙන ඇති බවයි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.