Spread the love

ඉන්දියාවෙන් ආනයනය කළ ලද බිත්තර ලක්ෂ 10ක තොගය අද නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද ලබා දීමට නියමිත බවයි.

මේ අතර ඉදිරියේදී බිත්තර මිල අඩු කිරීමට හැකියාව ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේ සත්ත්ව ආහාර සදහා අය කරන බදු ඉවත් කළහොත් බිත්තරයක් රුපියල් 06කින් අඩු කළ හැකි බවයි.