Spread the love

.
අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සුහදතාවය ශක්තිමත් කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඉතා කැපවීමෙන් ක්‍රියා කරන බව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසයි.
අප රටේ ධීවරයන් නිසා හිරිහැරයට පත්වන ශ්‍රී ලංකා ධීවරයන්ගේ ගැටලුව විසඳීමට දැනටමත් පියවර ගනිමින් සිටින බව ද වැඩි දුරටක් පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ ධීවර රැකියාවට ගොස් සිටියදී ඉන්දීය ධීවරයන්ගේ තාඩන පීඩනවලට හසු වූ ජීවිත අහිමි වූ හා බරපතළ ලෙස රෝග වලට ගොදුරුව ජීවත්වීමට අපහසුවෙන් පසුවන ධීවරයන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදි අදහස් දැක්වූ ගෝපාල් මහතා සෑම වසරකම පවත්වන කච්චතිව් මංගල්‍ය පසුගිය වසරේ පැවැති කොරෝනා උවදුරු නිසා පැවැත්වීමට නොහැකි වුවද දෙරටේ ධීවරයන්ගේ යම් යම් මත ගැටුම් මත වුවද මෙම වසරේ පැවැත්වීමට හැකි වීම ඉතා වටිනා ක්‍රියාවක් බවත්, ඒ තුළින් දෙරටේ ධීවරයන්ගේ හොඳ හිත වර්ධනය වීමට ද එය ඉවහල් වන බවයි.
විශේෂයෙන් මෙම දේව මංගල්‍යය පැවැත්වීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දිගින් දිගටම ගත්තා වූ පියවර අගය කරන බවත් එම නිසා බොහෝ බැතිමතුන් පිරිසකට මෙම මංගල්‍ය සදහා සහභාගිවීමට හැකි වූ බව පැවසීය.
විශේෂයෙන් අප රජයේ ආධාරය යටතේ ඉදිවන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ වැඩ නිම කර කඩිනමින් ජනතාවට ලබාදීමට තමන් අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.