Spread the love

දිවයිනට ළඟාවු ඉන්ධන නෞකාව සදහා ඩොලර් මිලියන 42ක් අද දිනයේ ගෙවීමට කටයුතු කරන බව බල ශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්.උල්ගා මහත්මිය පැවසූවාය.

ඒ අනුව එහි ඉන්ධන ගොඩබෑමට (16) අද සිට හැකි වනු ඇතිබව පැවසීය.එම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික්ටොන් 22000 සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 22000ක් මෙරටට රැගෙනවිත් තිබේ.ලබන (20) ඉරිදා හෝ (21) සදුදා ඉන්දීය ණය පහසුකම් යටතේ ඩීසල් නෞකාවක් දිවයිනට සේන්දු වන බව සදහන් කළාය.

මේ අතර මෙරටට ළඟාවූ නෞකාවකින් ඩීසල් මෙට්ට්‍රික්ටොන් 37500ක් ගොඩ බෑම මේවන විට සිදුවන බව ලේකම්වරිය පැවසූවාය.

මේ අතර දිවයිනේ නගර ආශ්‍රිත ඉන්ධන පිරවුම් හල් අසල (15) ඊයේ අලුයම් කාලය දක්වා දිගු පෝලිම් පැවතියහ.ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තොග මේවන විට අවසන් වී තිබේ.ඒ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි.