Spread the love

නීති විරෝධී ලෙස ඉන්ධන රැස් කළ පුද්ගලයින් 137 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසයි.

පසුගිය දින කිහිපය වැඩි මිලට තෙල් ජාවාමක් කළ වැටලීම් 429 ක් සිදු කර තිබිණ . එහිදී පෙට්‍රල් ලීටර 27,000 ක් සහ ඩීසල් ලීටර 22,000 ක් සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි.

ඉදිරියටත් වැටලීම් දිගින් දිගටම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසුවේ.