Spread the love

ඉන්ධන නිකුත් කිරීම අද 15)පස්වරු 01.00  සිට ක‍්‍රියාත්මක වන පරිදිසීමා කර බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව යතුර පැදියක් සඳහා රුපියල් 1000 ක් ලෙසත්, ත‍්‍රීරෝද රථ සදහා රුපියල් 1500 ක් ලෙස ඉන්ධන නිකුත් කරන බව පවසයි.

මෝටර් රථ සඳහා ඞීසල් හා පෙට‍්‍රල් යන දෙවර්ගයට ම රුපියල් 5000 ක් ලෙස සීමා කර ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී තිබේ.නමුත් වාණිජ කටයුතු සදහා යොදා ගැනෙන බස්රථ, ලොරි හා ට‍්‍රැක්ටර් වැනි රථ වාහන සඳහා මෙම සීමාවන් අදාළ නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

මේ අතර කෑන් සහ බූලි සදහා ඉන්ධන නිකුත් නොකිරීමට පනවා ඇති නියෝග නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක බව එම සංස්ථාව සදහන් කරයි.මෙම නියෝග පොලීසිය සහ අනෙකුත් වගකිව යුතු අංශ විසින් අධීක්ෂණය කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි.