Spread the love

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟාවු ඉන්ධන නෞකා වලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සති 03 ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබේ.

ඊට අවශ්‍ය මුදල් ගෙවීමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැත.

තවත් ඩීසල් නෞකා දෙකක් සතියකට ආසන්න කාලයක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ.

මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.