Spread the love

මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් තොග ගොඩ බෑමට නොහැකිව ඉන්ධන නෞකා 03ක් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

මෙරටට ළඟා වූ බොරතෙල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් පසුගිය 23 වනදා සිට කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා තිබේ.

තවත් ඩීසල් නෞකා 02ක් කොළඹ වරායේ මේවන විට දින ගණනාවක සිට නැංගුරම් ලා තිබේ.

ඒවායේ ඩීසල් මෙට්ට්‍රික්ටොන් හැත්‍තෑ හයදහසක් අඩංගු වෙයි.

මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක් අද (10) හෝ හෙට (11) දිවයිනට ළඟා වීමට නියමිත බව එම අමාත්‍යංශය සදහන් කරයි.

ඒ සදහා මේවන විට අත්තිකාරම් මුදල් ගෙවා තිබේ.

නෞකාව මෙරටට ළඟා වීමෙන් පසු සම්පූර්ණ මුදල ගෙවීමට සැලසුම් කර තිබේ.

පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 35000 ත් 40000 අතර ප්‍රමාණයක් එලෙස මෙරටට රැගෙන ඒමට නියමිත බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.