Spread the love

කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන පෞද්ගලික අංශය මගින් ආනයනය කර බෙදා හැරීමට පියවර ගෙන ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නාවික කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබාදෙන පෞද්ගලික සමාගම් මගින් මෙරට කර්මාන්තකරුවන්ගේ විදුලිජනන යන්ත්‍ර සහ උපකරණවලට අවශ්‍ය දැවී තෙල් සහ ඩීසල් ලබා ගැනිමට හැකියාව ලැබෙයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු රථ වාහනවලට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි