Spread the love

ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ QR කේතයට පරිභාහිරව ඉන්ධන අලෙවි කළ පිරවුම්හල්වල අලෙවිය අත්හිටුවන බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරියේ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සහ ඉදිරි සති කිහිපය සදහා ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.