Spread the love

ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි 200 ක් මේවනවිට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මෙම පැමිණිලි විසදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවද සඳහන් කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ආරාධනා කළද සඳහා ඔවුන් සාධනීය ප්‍රතිචාරයක් නොදැක්වූ බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව කරයි.

සියලුම දිස්ත්‍රික්ක ආවරණය වනපරිදි ඉන්ධන පිරවුම්හල් 60ක නියැදියක් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවයි ද ජනක රත්නායක මහතා වැඩි දුරටත් පැවසුවේය.