Spread the love


වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම් හලේ තිබු අක්‍රමිකතා හේතුවෙන් අද(05) පස්වරුවේ එම ඉන්ධන පිරවුම් හලට මුද්‍රා තබා ඇත.

ඉන්ධන තොග සඟවා අලෙවි නොකිරීම, ගුණාත්මක බව පිළිබඳව ගැටලු, ඉන්ධන පොම්ප වල තිබූ මුද්‍රා ඉවත් කර තිබීම සහ නියමිත පරිදි ඉන්ධන පොම්ප වලින් ඉන්ධන නිකුත් නොවීම වැනි කරුණු හේතුවෙන් මෙලෙස මුද්‍රා තබා ඇති බවයි සඳහන් වන්නේ.

පාරිභෝගික සේවා අධිකාරිය, මහජන උපයෝගීතා කොමිසම, ITI ආයතනය සහ මිණුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත..