Spread the love

රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග සහ ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව තොරතුරු ලබාදීම සඳහා රජය විසින් වෙබ් අඩවියක් හඳුන්වා දී ඇතිබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත හා ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ නියෝජිතායතනය සමඟ ඒකාබද්දව සිදුකරයි.
රට පුරා සියලුම ප්‍රදේශයන්හි ඉන්ධන තොග හා නිකුත් කිරීම සම්බන්ධයෙන් නිල තොරතුරු පෙරවරු 09.00 සිට සෑම පැය භාගයකට වරක් යාවත්කාලීන කරන බව එම සංස්ථාව සදහන් කරයි.
Www.fuel.gov.lk වෙබ් අඩවිය හරහා එම තොරතුරු ලබාගත හැකි බව වැඩිදුරටත් සදහන් කරයි