Spread the love

අද (24) අළුයම 03.00 සිට ඉන්ධන මිල ගණන්  ඉහළ දමා ඇතිබව බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 82 කින් ඉහළ දමා තිබේ.ඒ අනුව එහි නව මිළ රුපියල් 420කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහළ දමා ඇති අතර එහි ලීටරයක නව මිල රුපියල් 450 දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර  ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116 කින්ද ඉහළ දමා ඇතිබව බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400කි.සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 445ක් දක්වා වැඩිකර තිබේ.

ඊයේ(23) රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩලය ඉන්ධන ඉහළ දැමීමට තීරණය කර බව බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඊයේ සිට අද අළුයම් කාලය දක්වා ඉන්ධන පෝලීම් වල සිටි ජනතාව ඉන්ධන මිළ ඉහළ යාමත් සමඟ දැඩි නොසන්සුන්තාවට පත්වූ බව වාර්තාවේ.

ඇතැම් ස්ථාන වල නොසන්සුන්තාව පාලනයට පොලිසියට මැදිහත් වීමට සිදුවිය.