Spread the love

මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නොවන බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම හා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලාගෙන සිටීම හේතුවෙන් රුපියල දැවැන්ත ලෙස අවප්‍රමාණය වු බවයි උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ

ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හරිමින් ඉන්ධන මත ඇති බද්ද යම් ප්‍රමාණයක් අඩු කර ජනතාව වෙත පැටවෙන පීඩනය අවම කිරීමට හැකියාව තිබු බවයි හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.