ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇත.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල මෙසේයි.
92 පෙට්‍රල් ලිටරයකින් – රු.60 කින් අඩුවන අතර නව මිල රු.340 ක්ද, 95 පෙට්‍රල් ලීටරයක් සදහා රු.135 කින් අඩුවන අතර නව මිල රු.375 ක්ද, ඔටෝ ඩීසල් ලිටරයක් සදහා රු.80 කින් අඩුවන අතර නව මිල රු.325ක්ද, සුපර් ඩීසල් ලීටරයකින්- රු.45 කින් අඩුවන අතර නව මිල රු.465ක්ද, භූමිතෙල් – රු.10 කින් අඩුවන අතර නව මිල රු.295ක් ද වෙයි.
ලංකා IOC සමාගමද අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බවයි ලංකා IOC සමාගම ද පැවසුවේ.