Spread the love

රජය සමග සාකච්ඡා කර ධීවරයන් සදහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ වවුනියාව දිස්ත්‍රික්කයේ ධීවර සංගම් නියෝජිතයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව සිටින දේශපාලන නායකයෙකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුසංයෝගයෙන් රට මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩගැනීමට හැකිවේ යැයි තම අපේක්ෂා කරන බවද පැවසීය.

සෞභාග්‍යයේ දැක්මට අනුව ගංගා 103ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුව අක්කරයන්කුලම් ගඟේ සංවර්ධන කටයුතු පිළිබද සොයාබැලීමට ද අමාත්‍යවරයා කටයුතු කළේය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉන් ඉවත් කරන වැලි ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නංවාගැනීමට හැකිවන පරිදි යොදා ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා ව්‍යාපෘති නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
තවද පුදුමුරිප්පු කුලම් ප්‍රදේශයේ ආරම්භ කර ඇති මිරිදිය මත්ස්‍ය පොකුණුවල ප්‍රගතියද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදි.