Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඊයේ(20) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 ඉහළ දමා තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177කි.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 207කි.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කර සිටියේ නව මිළ වැඩි කිරීම අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිළ රුපියල් 10කින් ඉහළ යන බවයි.

ඒ අනුව එහි ලීටරයක නව මිල 121ක් දක්වා ඉහළගොස් තිබේ.සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් වැඩි වීමත් සමඟ එහි ලීටරයක නව මිළ රුපියල් 159කි.නව ඉන්ධන මිළ සංශෝධනයට අනුව භුමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ. භූමි තෙල් ලීටරයක නව මිළ රුපියල් 87ක් දක්වා ඉහළ යන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.

මේ අතර ඉන්ධන මිළ වැඩිකිරීම පිළිබඳව තොරතුරු වාර්තා වීමත් සමඟ ඊයේ රාත්‍රියේ දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල ඉන්ධන ලබා ගැනීම සදහා දිගු පෝලින් දක්නට ලැබිණි.විශේෂයෙන් මෙම තත්ත්වය වැඩි වශයෙන් නාගරික ඉන්ධන පිරවුම් හල් අසල දක්නට ලැබිණි.