Spread the love


නැවතත් ඊයේ (04) දිනයේදෛනික කොරෝනා ආසාදිතයන් 583ක් මෙරටින් වාර්තා වුණා.

පිට රටවල සිට පැමිණි කිසිවෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණේ නැහැ. මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 648,993 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 609,680 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 23,006 ක් වනවා. පෙරේදා (03) දිනයේ දී කොරෝනා මරණ 20 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,307 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා