Spread the love


අභ්‍යාසලාභී උපාධිධාරි රැකියා වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට රජය තිරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජය උපාධිධාරින්ට රැකියා ලබාදීමේ දි ඔවුන්ගේ පක්ෂ පාට සළකුණු නොබැලු බවයි.


රැකියා ඉල්ලා පාරේ උද්ඝෝණය කළ 3%කට අයත් උපාධිධාරින්ට ද මෙම රැකියා ලැබුණු බව පෙන්වා දුන් ඇමතිවරයා උපාධියක් ලබා ගත් සියලු දෙනාටම රැකියා ලැබිය යුතු බව රජයේ ස්ථාවරය බව ද කීවේය.


ජනතාවගේ මුදලින් වැටුප් ලබන අය ඊට නිසි ලෙස සේවය ලබා නොදෙන්නේ නම් ඔවුන් ඊළග ආත්මයේ උපදින්නේ ගෙම්බන් හා කපුටන් වී බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලබන වැටුපට සාධාරණය ඉටු කිරිම ඔවුන්ගේ යුතුකම හා වගකීම බව පෙන්වා දුන්නේය.


රජයේ අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ආසනයේ අභ්‍යාසලාභි උපාධි පත්වීම්ලාභින් සදහා ස්ථිර පත්විම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (15) සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. රජයේ අභ්‍යාසලාභී වැඩපිළිවෙල යටතේ රාජ්‍ය සේවයට බදවා ගෙන ඇති උපාධිධාරින් ජනවාරි මස 03 වෙනිදා සිට ස්ථිර කරන බව පසුගිය අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා කීවේය.
ඒ අනුව මේ වන විට දිවයින පුරා අභ්‍යාසලාභි උපාධිධාරින් සදහා ස්ථිර පත්විම් ලබාදීම මේ දිනවල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදුවෙයි.