ඊළඟ ජන වරම ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව රට පුරා ජනතාව කතා වෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.
මේ වන විට රටේම ජනවරම සමගි ජන බලවේගය පක්ෂය පැත්තට හැරී අවසන් බවද හෙතෙම සඳහන් කළේය.
සමගි ජන බලවේගය පාක්ෂිකයන් ආණ්ඩුවට යන බවට ආණ්ඩුව විසින් පතුරුවන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයන්ට නොරැවටී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.
සමගි ජන බලවේගයේ සිටින කිසිදු ඔරිජිනල් පාක්ෂිකයෙක් ආණ්ඩුවට කිසිදිනක එකතු වෙන්නේ නැති බව විශ්වාසයෙන් කියන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ හලාවත ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි.