Spread the love


මහනුවරට ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර කොළඹ – දුම්රිය මාර්ගයේ කඩිගමුව දුම්රිය ස්ථානය දරුණු නායයෑමකට ලක්ව ඇති අතර රඹුක්කනින් ඉහලට ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර නවතා දැමීමට දුම්රිය දෙපාර්ත⁣මේන්තුව තීරණය කොට තිබේ.


කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යෑමෙන් දුම්රිය මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති අතර දෙවන වේදිකාවේ කොටසක්ද නාය යෑමට ලක්ව ඇති අයුරු අද දිනයේ එම කටයුතු නිරීක්ෂණය කිරීම සදහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කඩිගමුව දුම්රිය ස්ථානයට පැමිණයේය.


පසුගියදා පැවති අධික වර්ෂාව හේතුවෙන් නාය යෑමේ අවධානමට ලක් වූ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහගත තත්ත්වය පිලිබද සොයාබැලීමටත්, මේවන විටත් එම ස්ථානයේ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) නිළධාරී මහත්ම, මහත්මීන් සමගද වත්මන් තත්ත්වය පිලිබද ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සාකච්ජා කලේය..

මෙහිදි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සිදුකරණ පරීක්ෂණ වලට අනුව ඔවුන් පවසා සිටියේ පරීක්ෂණ කටයුතු සිදු කරන අතරතුර මාර්ගයේ එක් මන්තීරුවක් ජනතාවට ගමන් කිරීම සදහා විවෘත කිරීමට හැකියාවක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් ය.

තවද ප්‍රදේශයේ එක් කොටසක සිදු වූ මෙම නායයාමේ අවදානමෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, එම මාර්ගයේ මෙම කඩුගන්නාව කොටස කළුගලක් මත පිහිටා තිබෙන බවත් ඔවුන් පවසා සිටියේය…