Spread the love

උත්සව සමයේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

විශේෂයෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පැවසීය.අධික වේගයෙන් ගමන් කරන රියදුරන් සහ නොසැලකිලිමත් ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් කරන රියදුරන් මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් උස්සව සමයේ හැසිරෙන පුද්ගලයන් අත්තඩංගුවට ගැනීමට නියමිතයි.ඒ සදහා ද මේවනවිට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතිබව වැඩිදුරටත් පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.