
ඔබේ නම සහ ගම
මම සනු නුවන්ති හෙට්ටිආරච්චි

ගණේමුල්ල මගේ ගම

පාසල් අධ්‍යාපනය
ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයෙන් මම අධ්‍යාපනය ලැබුවේ.මම පාසල් කාලයේදී නර්තනයට මෙන්ම රංගනයට ද දායක වුනා.

ඔබ නර්තන ශිල්පිනියක්ද ? ඔව් මම නර්තන ශිල්පිනියක් .
ඔබ නර්තනයට යොමුවුණේ.
හිමාලි සිරිවර්ධන ගුරුමෑණියන් යටතේ වසර දහයක් පමණ කාලයක් නර්තනයේ යෙදුනා .පසුව එතුමියගේ උපදෙස් මත මගේම නර්තන කණ්ඩායමක් පටන් ගත්තා

ඔබේ නර්තන කණ්ඩායමේ නම
”සුපර් සෙන්ස් ”මගේ නර්තන කණ්ඩායමයි. 2018-01-18 වැනිදා එය ආරම්භක දිනයයි

නර්තන කණ්ඩායම සහභාගිවන අවස්ථා
විවාහ මංගල්‍යයන් ,එළි මහන් ප්‍රසංග ,රූපවාහිණී ප්‍රසංග ,Cmpany Function ,ජයමංගල ගාථා වෙස් කණ්ඩායම් සහ නව නර්මාණ වැනි අවස්ථාව වලට සහභාගිවෙනවා .
.
ඔබ රංගනයට යොමුවුණේ නැද්ද?
මම නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී තිබෙනවා. හිමාලි මිස් තමයි රංගනය කටයුතු වලට යොමුකලේ . මිස් ගේ උපදෙස් මත තමයි මම රංගනයට යොමුවුණේ

ඔබ රගපෑ ටෙලි නාට්‍ය ගැනත් කියමු
බිනරි,ධරණී,කොළඹ ඉතාලිය යන ටෙලි නිර්මාණ සදහා රංගනයෙන් දායක වුණා. රූප රචනා සදහාත්,ප්‍රචාරක දැන්වීම් වලටත් රංගනයෙන් දායක වුණා.

මේ දිනවල මොකද කරන්නේ ?
කොරෝනා වසංගත කාලයේදී නර්තන කණ්ඩායමේ වැඩ නතර වුණා. නමුත් ධරණී ටෙලි නාට්‍යයේ රංගනයට සහභාගි වුණා. මේ දිනවල නම් රංගන කටයුතු මෙන්ම මගේ නර්නත කණ්ඩායමේ කටයුතු කරගෙන යනවා

ඔබගේ අනාගත බලාපොරොත්තු
නර්තනයෙන් මෙන්ම රංගන කටයුතු සාර්ථකව කරගෙන යමින් මගේම ව්‍යාපාරයක් පටන් ගැනීමයි මගේ අනාගත බලාපොරෝත්තුව.

ඔබේ ගමනට උදව් උපකාර කල අය ගැනත් කියන්න
මම මේ ගමන ආවේ ගොඩක් ප්‍රශ්න දුක් කම්කටොලු මැද්දෙන් .විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ නර්තන ගුරු මෑණියන් වන හිමාලි සිරිිවර්ධන මිස්ව. එයට අමතරව මගේ දෙමාපියන්. හිරෝෂි සිරිවර්ධන අක්කා සහ මගේ නර්තන කණ්ඩායමේ සියළුම නර්තන ශිල්පීන්ව .මගේ ගමනට විශේෂ ආශිර්වාදයක් වෙන්නෙ මගේ අයියා.

අවසාන වශයෙන් කිවයුතු දේ?
සැම අතින්ම මට උදව් උපකාර කළ බොහෝ පිරිසක් සිටිනවා.ඒ සෑම දෙනාටමත් මගේ නර්තන කණ්ඩායමේ සහ මගේ රංගන කටයුතු වලට උදව් උපකාර කළ සියළු දෙනාටම බෙහෙවින් ස්තූති වන්න වෙනවා.
”ඹබගේ සියළු සිතුම් පැතුම් ඔබ බලාපොරොත්තුවන අයුරින් ම ඉටුවේවායි ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනය ප්‍රාර්ථනා කරයි”.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
