ඉන්දීය ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන ධීවර කටයුතු නතර කරන බව මීට පෙරද පවසා තිබු නමුත් ඔවුන් එම ක්‍රියාව දිගින් දිගටම සිදු කරන බවත් එම කටයුතු කෙසේ හෝ නතර කල යුතු බවත් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගියදා උතුරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙම ගැටළුව දිර්ඝ කාලීන ප්‍රශ්ණයක් එය විසදා ගැනීමට තමන් අදහස් තුනක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් තමයි රාජතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා මේකට විසදුමක් ලබා ගැනීම දෙවැනි එක තමයි නීති කටයුතු වලින් මහා සාගරයට වන හානිය පිළිබද දෙපාර්ශවයටම අවබෝධයක් ලබා දීම. තුන්වන එක තමයි දෙපාර්ශවයම මැද ස්ථානයකට ඇවිත්
මෙම කටයුතු නවතා ලීමට කටයුතු කිරිම.
විශේෂයෙන් අප කිසිදු අවස්ථාවක බොටම් ට්‍රෝලිං ක්‍රමයට එකගතාවයක් නැහැ. අපේ රටේ ධිවරයන් බොටම් ට්‍රෝලින් ක්‍රමයට එකගතාවයක් නැහැ. අපේ රටේ ධිවරයන් බොටම් ට්‍රෝලිං ක්‍රමය භාවිතා කරන්නේ නැහැ. කුමන හෝ ආකාරයට මෙම නිතී විරෝධි ඉන්දීය ධිවර කටයුතු නවතාලීමට කටයුතු කරනවා. එසේ නොමැති වුවහොත් අනාගතයේ අපේ ධිවරයන්ට තම රැකියාව අහිමි වීමට ඉඩ තියෙනවා
යැයි අමාත්‍යවරයා පැවසීය.
