Spread the love


රටතුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්දීය රජයෙන් ලබාදුන් භූමිතෙල් ඉන්ධන තොගයක් උතුරේ දුපත් ආශ්‍රීත ජනතාවට බෙදා දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ඉන්දීය නියෝජ්‍ය තානාපති රාකේෂ් නඩරාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
නැඩන්තිව් හා නයිනතිව් දුපත් සදහා බෙදා දීමට ඉන්දීය රජය මගින් භූමිතෙල් ඉන්ධන තොගයක් ලබාදී ඇති අතර වර්තමානය වන විට ඉන්දීය ජනතාව ශ්‍රී ලාංකික ජනයාගේ සැබෑ තත්ත්වය වටහාගෙන තිබේ . ඔවුන් මෙරට ජනතාවට සෑම අවස්ථාවකදීම ආධාර කිරීමට ක්‍රියාකරන බවත්, ඒ පිළිබදව සමස්ථ රජයේ මෙන්ම ජනතාවගේ ප්‍රනාමය ඉන්දීය රජය ඇතුලු එම ජනතාවට ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.


අප රට පත්ව ඇති ආර්ථික අර්බුදය ශක්තිමත්වන තෙක් අසල්වැසි රටක් ලෙස ඉන්දීය රජයේ සහය තවදුරටත් අපේක්ෂා කරන බවයත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය..
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂන්,අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රදීපන් ඩෙල් දුපතේ ප්‍රාදේශීය ලේකම් සත්‍යජෝති වේලනි, ප්‍රාදේශිය ලේකම් ශිවකරන් ඇතුලු පිරිසක් සහභාගි විය.