Spread the love

මෙරට උද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය 2.2% කින් තවදුරටත් ඉහළ ගොස් තිබේ.පසුගිය නොවැම්බර් මාසයේදී 9. 9% ක් ලෙස පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේ 12.1% ක් ලෙස සටහන්වී ඇතිබව එම බැංකුව සදහන් කරයි.

වත්මන් උද්ධමනය සඳහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා තිබේ.මේ අතර ආහාර සහ ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් වල සිදු වූ මාසික ඉහළ යෑමද උද්ධමනයට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.