Spread the love

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත (online) ක්‍රමයට යොමු කිරීමට හෙට (15) සිට අවස්ථාව හිමිවෙයි.

ලබන 28 වනදා දක්වා අදාළ අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට පමණක් වන අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකියි.