Spread the love

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ දෙවන අදියරේ ඇගයිම් කටයුතු ලබන (18) සිකුරාදා සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය.

එම ඇගයීම් කටයුතු ලබන 31 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.විභාග ඇගයිම් කටයුතු සදහා ගුරුවරුන් දස දහසකට අධික සංඛ්‍යාවක් මෙවර සහභාගි වන බව පැවසීය.

මාස තුනක් ඇතුළත විභාග ප්‍රතිපල නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.