Spread the love

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය කල බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට මේ දින වල විශාල පිරිසක් පැමිණීම ඊට හේතුවී තිබේ.සාමාන්‍යයෙන් මේවන විට එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර 2000 පමණ නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම සංඛ්‍යාව 3500 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.ඒ සදහා කාර්‍ය මණ්ඩලය සේවා මුර දෙකක් යටතේ කැදවීමට තීරණය කර තිබේ.ඒ අනුව පෙරවරු 07.00 සිට පස්වරු 02.00 දක්වා සහ පස්වරු 02.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවා මුර දෙක ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ලබන වසරේ සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදුකිරීමට තීරණය කර තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලයේ හා සියලු ප්‍රාදේශීය කාර්‍යල වල විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය අනුව සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.ඒ හරහා විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ඇති තද බදය අවම කිරීමට හැකි වනු ඇතිබව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.