Spread the love

වසරේ ගතවූ මුල් මාස 11 තුළ එක්ලක්ෂ 1472 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇතිබව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ වනවිට කොරියාව , රුමේනියාව , ජපානය , ඩුබායි , අබුඩාබි , ජෝර්දානය ,කටාර් ඇතුඵ් රටවල් ගණනාවකින් විදේශ රැකියා ඇබෑර්තු මෙරටට ලැබී තිබේ.

රුමේනියාවේ හෝටල් ආශ්‍රිත රැකියා ගණනාවකට ඉල්ලීම් පවතී.එරටට ශ්‍රමිකයන් යැවීම අදියර කිහිපයක් යටතේ සිදු කෙරෙන බව එම කාර්යාංශය සදහන් කරයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හමුවේ වුවද ලබන වසරේ දි ශ්‍රමිකයන් ලක්ෂ 03 ක් විදේශ ගත කිරීම ඉලක්කය වී තිබේ. 

මේ වසරේ විදේශ විනිමය ලෙස කෝටි 800 ක් උපයා ගැනීමට හැකි වූ බව සදහන් කරයි.  ලබන වසරේ එම ඉලක්කය රුපියල් කෝටි දහස දක්වා ඉහල නැංවීම අරමුණ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පවසයි.