Spread the love

කොළඹ – කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ආසන්නයේදී ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුව අනතුරකින් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (12) අලුයම 04.30ට පමණ එම අනතුර සිදුව ඇත.

කොළඹ දෙසට ධාවනය වූ බස් රථය අනෙක් බස් රථයට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථ දෙකක් එලෙස එකිනෙක ගැටී ඇත.

අදාළ අනතුරින් තුවාල ලබා ඇත්තේ, පසුපසින් පැමිණි බස් රථයේ කොන්දොස්තරවරයා හා ඉදිරිපස බසයේ පිටුපස ආසනයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකුය.

ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.