Spread the love

එන්ජින් ඔයිල් නොමැති වීමෙන් ඉදිරියේදි දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පවතින එන්ජින් ඔයිල් ප්‍රමාණය තවත් මාස 02ක් සදහා පමණක් ප්‍රමාණවත් වෙයි.එන්ජින් ඔයිල් ගෙන්වීම සදහා ණයවර ලිපි නිකුත් කිරීමට ඩොලර් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම තත්වය තුළ දැනට ධාවනය කරන දුම්රිය වලින් කොටසක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබේ.එන්ජින් ඔයිල් මෙරටට ගෙන එනු ලබන්නේ ඉන්දියාවෙන් සහ චීනෙන්ය.