Spread the love

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම එන්නත් කිරීම අනිවාර්ය කරමින් නව නීති කඩිනමින් හදුන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාල නීති මේ වනවිට සකස් වෙමින් තිබේ.මාත්‍රා දෙකම එන්නත් කර ඇති බවට සහතික කෙරෙන කාඩ්පත ජංගම දුරකථන යෙදවුමක් මගින් ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට උදා කර දෙන බව එම අමාත්‍යංශය පවසයි.

ඉදිරියේදී සෑම පොදු කටයුත්තකදීම එම කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි. කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (09) අද පස්වරුවේ පැවැත්වෙයි.

සෞඛ්‍ය අංශ හා අදාල සියලු අංශ ඊට එක්වීමට නියමිතයි. මේ අතර එලඹෙන උත්සව සමයේ සීමා පැනවීමට රජය අපේක්ෂා නොකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.සෑම අයෙකුටම තුන්වන මාත්‍රාව එන්නත් කිරීමට සැලසුම් කර ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.