Spread the love


බූස්ටර් එන්නත මාස 6ක් තුළදී ලබා දීමට සුදුසු බව සම්මතයේ තිබුණත් මාස 3කදී ලබා දීම තුළින් අප රට ලෝකයේ ප්‍රශංසාවට ලක්වී ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ අද උදෑසන නව වසරේ වැඩ ආරම්භ කළ අවස්ථාවේදිය.

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,2021 වසර විශාල කැපකිරීමකින් අප වැඩ කටයතු කළ වසරක්.බූස්ටර් එන්නත මාස 6ක් තුළදී ලබා දීමට සුදුසු බව සම්මතයේ තිබුණත් අප එය මාස 3කදී ලබා දීම තුළින් තමයි අද අපි මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ලෝකයේ ප්‍රශංසාවට ලක්වෙලා තියෙන්නේ. එය අප රටක් වශයෙන් ලබා ගත් විශාල ජයග්‍රහණයක්.ඖෂධ නිෂ්පාදනය සඳහා වැඩකටයුතු කරනවා වගේම ඖෂධ අවභාවිතය ද අඩුකළ යුතුයි.
2021 වසර බොහෝ වෙහෙසකර වසරක් වූවා මෙන්ම, 2022 වසර වැඩ කරන වසරක් බවට පත් කර ගත යුතු බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ඔයාමඩුව ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන ගම්මානයේ වැඩ කටයුතු මේ වන විට ආරම්භ වෙලා තියනවා. ඒ වගේම හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ ගම්මානයේ වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙනවා.
එම වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට අපි මහන්සි වෙලා වැඩ කටයුතු කල යුතුයි. මෙරටින් පිටරටට ඖෂධ සඳහා වැයවන ඩොලර් ප්‍රමාණය නවත්වාගෙන යාමට කටයුතු කල යුතුයි යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්.කේ. රත්නායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී විය.