Spread the love


ලෝකයේ රටවල් සමඟ බැලුවාම කොවිඩ් එන්නත දීමෙන් ශ්‍රි ලංකාව අද පළමු ස්ථානයට පත්වෙලා තිබෙන බව ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.
ජනාධිපතිතුමාත්, අපේ වෛද්‍ය උපදේශක මහත්වරුන් ගත් ක්‍රියාමාර්ග නිසායි අද ඒ තත්වයට පත්වෙලා තිබෙන්නේ. අද සෑම රෝහලකම කොවිඩ් රොගීන් පැමිණීම අඩු වී තිබෙනවා. එයින් පෙනි යන්නේ මෙය පාලනයක් වි ගෙන යනවා කියලා. රජය සෑමවිට වෙහෙස වන්නේ කොහොමද කොවිඩ් පාලනයක් කරන්නේ කියලා.

මම දැක්කා විපක්ෂ නායකතුමා කියලා තිබෙනවා මේ වෙලාවේ ජනමත විචාරණයක් පිහිටවලා ඒ අයට රට භාර දෙන්න කියලා. ඒකෙන් අපිට පෙනෙනවා මේ රටේ කොවිඩ් රෝගය වැඩි වුණත් විපක්ෂ නායකතුමාටත්, විපක්ෂයටත් වුවමනාවක් නෑ මේක සමථයට පත් කරන්න. ඒ අයට තිබෙන්නේ බලයට කෑදරකම විතරයි . වැරදි ආදර්ශයක්, වැරදි නායකත්වයක් පෙන්වමින් රට ගොඩ නගන්න යන අවස්ථාවේ යම් යම් මතවාදවලට ගිහින් රට අවුල් කරන තත්ත්වයක තමයි විපක්ෂය කටයුතු කරන්නේ.
ජනාධිපතිතුමාත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාත් මේ රටේ විද්වතුන් පිළිගන්න නායකයෝ දෙන්නෙක්. විද්වතුන් සමඟ සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්නේ. රජය බලාපොරොත්තු වන්නේ මේ රට ඉදිරියට ගෙනයමින් මේ රට ප්‍රශ්නවලින් බේරා ගන්නයි ද පැවසුවේය.