Spread the love

කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරිමෙන් වලකින ලෙස        ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

කොරෝනා රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් ද සුවය ලබන තෙක් රුධිරය පරිත්‍යාග කිරීමට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

එමගින් සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය සුරක්ෂිත වන බව වැඩිදුරටත් පැවසීය.