Spread the love

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන්යානය වාරණ නියෝගය අත්හිටුවීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාම වළක්වාලමින් පසුගිය 02 වනදා වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසම් පිළිබඳව අද (06) දිනයේ සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් රුසියානු ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අත්හිටුවන ලෙස නියෝග කළා.