Spread the love

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධානය කරන එළිමහන් සංගීත ප්‍රසංග වල ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමට පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වලට උපදෙස් ලබාදී ඇතිබව පොලිස්මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ අනුව සියලු පොලිස්ථාන ඊට අනුව කටයුතු කරනු ඇතිබව පැවසීය.මේ අතර සදුදා ,අඟහරුවාදා,බදාදා සහ බ්‍රහස්පතින්දා සවස 06.00 සිට රාත්‍රි 10.00 දක්වා එළිමහන් සංගීත පැවැත්වීමට අවසර ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

සිකුරාදා සහ සෙනසුරාදා දින වල සවස 06.00 සිට අලුයම 01.00 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවැත්විය හැකිය.සවස 06.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ඉරිදා දිනවල එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී ඇතිබව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.