Spread the love

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධීකාරිය නිරන්තරයෙන් මුහුණ දෙනු ලබන උතුරු මැද පළාතේ ධාවන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ දී උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති මුදිත් ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්විණි.


විශේෂයෙන්ම දුර සේවා බස් රථ හරහා පළාත් බස් රථ සඳහා වන අසාධාරණම් පිළීබඳව උතුරු මැද පළාත් මාර්ගසථ ප්‍රවාහන සේවා අධිකාරියේ වත්මන් සභාපති මුදිත් ප්‍රසන්න මහතා සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රජරට ප්‍රාදේශීකයේ ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු ආර්.එම්.ඒ.බී. රාජකරුණා මහතා විසින් කරුණු පැහැදිළි කිරීම් කරන ලද අතර එය නිවැරදි කරවීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව ඉදිරියේ දී සාකච්ඡා කිරීමට නියමිතය.
එසේම ඉදිරියේ දී ද ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය හා මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය එක්ව ඒකාබද්ධ කාලසටහන් අනුව බස් රථ ධාවනයට එක් කර උතුරු මැද පළාතේ මඟී අවශයතා පිළිබඳ කරන ලදී.
මේ සඳහා උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ ධාවන අංශයේ නිළධාරීන් හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළධාරීන් මේ සඳහා සහභාගී වූ අතර මේ වන විට පැළලි කාලසටහන් හරහා සිදුවන අසාධාරණකම් පිළිබඳවත්,ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ හා පෞද්ගලික බස් රථ අතර නිරන්තර ධාවනයේ දි සිදුවන ගැටළු පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.